අපගේ දැක්ම
" මිත්‍රත්වයෙන් සංවර්ධනයට"
අපගේ මෙහෙවර
"පුද්ගලයෙකුගේ කළල අවදියේ සිට මරණය දක්වා වු සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික පසුතලය වඩාත් හොදින් ගොඩ නැන්වීම සංවර්ධනය කිරීම හා පවත්වාගෙනයාම"
බදුල්ල නගරයේ සිට කි.මි.06ක් පමණ දකුණින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. මෙම කොට්ඨාසය උතුරින් සොරණාතොට, කන්දකැටිය කොට්ඨාශය ද නැගෙනහිරින් පස්සර සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද දකුණින් බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද බටහිරින් ඌව පරණගම හා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද ආවරණය වි ඇත.
වර්ග කිලෝමීටර් 165 ක විශාලත්වයෙන් යුත් මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 57 කින් යුක්තය. ප්‍රදේශයේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු ගැන සලකා බැලිමේදි මුළු පවුල් සංඛ්‍යාව 29287 ක් වන අතර ජනගහන 102305 ක් වේ.
ප්‍රදේශයේ භෞතික සම්පත් වල යටිතල පහසුකම් වල ව්‍යාප්තිය සැකසීමේදී සෑම ග්‍රාම නිලධාරී වසමකටම පිවිසිමේ මාර්ග ඇතත් පොදු ප්‍රවාහන පහසුකම් ඉතාමත් දුර්වල තත්වයක පවති. කොට්ඨාසයේ සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාතින් ජිවත් වේ. ප්‍රදේශය තුළ පිහිටා ඇති සෞඛ්‍ය, අධ්‍යාපන අංශයට සම්බන්ධ ආයතන වලින් මෙම ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ඉල්ලුම සපුරාලිම සඳහා සහය සේවා ප්‍රශස්ථ මට්ටමින් නොපැවතියද ප්‍රදේශයේ පදිංචි වුවන් සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ධාරිතාව බදුල්ල අග නගරය සතුව පැවතීම විශාල අස්වැසිල්ලක් වනු ඇත.
තේ වගාව, එළවළු වගාව ප්‍රධාන කොට ගත් වාර්ෂික බෝග වගාව, මිශ්‍ර ගෙවතු වගාව, වී වගාව, කුරුඳු, ගම්මිරිස් ආදි සුළු අපනයන බෝග වගාවන් දක්නට ලැබේ. මෙහි කැපි පෙනෙන ලක්ෂණයක් වන්නේ මුළු කෘෂි බිම් ප්‍රමාණයෙන් තේ වගාව සඳහා 68 % ක්ද, වී වගාව සඳහා 14%ක්ද, කාලීන භෝග සඳහා 8% ක්ද, ස්ථීර භෝග සඳහා 8%ක්ද, පොල් වගාව සඳහා 2%ක්ද වේ.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විවිධ අංශ ඔස්සේ විවිධ වූ කර්මාන්ත විශාල සංඛ්‍යාවක් දැනටමත් සිදුකෙරෙමින් පවතී.
කොට්ඨාශයේ මුලික තොරතුරු
පිහිටිම
බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථව පිහිටා ඇති හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරට කි.මි.185 - 206 හා නැගෙනහිරට කි.මි. 219 - 239 යන ජාතික ග්‍රිඩ් සැලැස්මට අනුව පිහිටා ඇත.
උතුරු අක්ශාංෂ 6.50 - 7.10 අතර
නැගෙනහිර දේශාංශ 80.50 - 81.10 අතර
මුහුදු මට්ටමේ සිට උස අඩි 2000 – 5500 අතර
සාපේක්ෂ පිහිටිම
- උතුරින් - බදුල්ල සොරණාතොට කන්දකැටිය කොට්ඨාසද
- නැගෙනහිරින් - පස්සර හා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසද
- දකුණින් - බණ්ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසද
- බටහිරින් - ඌව පරණගම හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද ආවරණය වී ඇත.
කොට්ඨාසයේ වර්ගඵලය
හෙක්ටයාර් 15677 ක වපසරියකින් යුත් මෙහි මුළු දිස්ත්‍රික්කය සමඟ සැසදීමේදි 5.6 % ක ප්‍රතිශතයක් ගනී.
පරිපාලනය
ග්‍රාම නිලධාරි වසම් :- 57
ගම් සංඛ්‍යාව :- 296
කෝරළ : - 4
මැතිවරණ බල ප්‍රදේශය : - හාලිඇල
දිස්ත්‍රික්කය :- බදුල්ල
පළාත :- ඌව පළාත
භූ විද්‍යා පාෂාණ හා ඛණිජ වර්ග
|
ඛණිජ සම්පත්
|
පිහිටි ස්ථාන
|
කල හැකි කර්මාන්ත
|
|
ගඩොල් සහ උළු මැටි
|
හාලිඇල, උඩුවර, හැතැක්ම, කීරියගොල්ල, බුලත්වත්ත, කුරුකුදේ, කැටවල, කටුගහ, වරකදණ්ඩ, පට්ටිපොල
|
ගඩොල් සහ උළු නිෂ්පාදනය
|
|
කිරිමැටි
|
කුරුකුදේ, පට්ටිපොල, පල්ලෙගම
|
වලං කර්මාන්තය
|
|
ඩොලමයිට් හා හුණු ගල්
|
දීගල්ල
|
අළු හුණු බුලත් කෑමට හුණු නිෂ්පාදනය
|
|
කළු ගල්
|
සමගිපුර, කෝට්ටගොඩ
|
ඉදිකිරීම් ආශ්‍රිතව
|
|
කිරිගරුඬ
|
කුරුකුදේ
|
පිඟන් භාණ්ඩ නිෂ්පාදනය
|
|
වැලි
|
|
|
පස් වර්ග
ලිතසෝල් පස
රතු කහ පොඩිසොලික් පස
රතු කහ පොඩිසොලික් සහ රිගසොයිල් පස
ජල වහනය
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කඳුකර භූ විෂමතා ලක්ෂණ සහ අන්තර් දේශගුණික කලාපයට අයත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරයි. උමා ඔය සහ බදුළු ඔයේ ජල පෝෂක ප්රදේශයකි. කොට්ඨාසයේ බටහිර අර්ධය උමා ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් ක්‍රියා කරන අතර නැගෙනහිර අර්ධය ප්‍රධාන අතු ගංගා 02 ක් යටතේ බදුළු ඔය පෝෂණය කරයි.
ගංගා :-
දේශගුණික තත්වය
කඳුකර භූ විෂමතා ලක්ෂණ සහිත මෙම කොට්ඨාසය අන්තර් කලාපයේ දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරයි.
වාර්ෂික වර්ෂාපතනය - මි.මි.1500 - 3000 අතර
වාර්ෂික උෂ්ණත්වය - සෙ. අංශක. 22 0 - 25 0 අතර